Motion Sickness Information

ඔබටත් වාහන වල යනවිට හිසරදය, වමනය ඇතිවෙනවානම් මෙය කියවන්න ✅✅✅

🔯මෝෂන් සික්නස් (Motion sickness)

✅මෝෂන් සික්නස් (Motion sickness)යනු මෝටර් රථයකින්, බෝට්ටුවකින්, ගුවන් යානයකින් හෝ දුම්රියකින් ගමන් කරන විට කරකැවිල්ල, වමනය සහ තවත් රෝග ලක්ෂණ දැනිමයි

🔯මෝෂන් සික්නස් (Motion sickness) ලක්ෂණ

  • ක්ලාන්තය
  • ඔක්කාරය
  • කටට වැඩිපුර කෙල ඉනීම
  • වමනය
  • හිසරදය
  • සීතල සහ සුදුමැලි වීම දැනේ
  • දහඩිය දැමීම

🔯 මෝෂන් සික්නස් (Motion sickness)ඔබම අඩු කරගන්නේ කෙසේද?

  • 🔆චලනය අඩු කරන්න - වාහනයක ඉදිරිපස වාඩි වි යන්න
  • 🔆 කෙළින්ම ඉදිරිය බලාගෙන යන්න, දෙපැත්ත බලන්න එපා. ඉදිරියේ ඇති ඇස් මට්ටමෙ දෙවල් පමණක් බලන්න
  • 🔆 ඔබේ ඇස් වසා ගැනීමට, උත්සාහ කරන්න.
  • 🔆හැකි නම් නැවුම් වාතය ආශ්වාස කරන්න - උදාහරණයක් ලෙස, වාහනයේ කවුළුවක් විවෘත කිරීමෙන්
  • 🔆ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරමින් ඔබේ ඇස් වසා සෙමින් හුස්ම ගන්න
  • 🔆කතා කිරීමෙන්, සංගීතයට සවන් දීමෙන් හෝ ගීත ගායනා කිරීමෙන් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න
  • 🔆එක දිගට දිග ගමනක් යනවානම් අතර මැද කිහිප ස්තානයකින් නවත්වා ,වහනයෙන් බැස ටික වේලාවක් සිට ගමන කොටස් වලට කඩා ගන්න
  • 🔯 ඉඟුරු සහිත බිස්කට්, තේ පානය කරන්න
  • ඉඟුරු මූල ☑️☑️

❌මේ දේවල් කරන්න එපා

  • 🔆 පොත් ,පත්තර කියවීම, චිත්‍රපට නැරඹීම හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ, ෆොන් භාවිතා නොකරන්න
  • 🔆 මෝටර් රථ පසුකර යාම හෝ රළ පෙරළීම වැනි චලනය වන වස්තූන් දෙස නොබලන්න
  • 🔆ගමනට ටික වේලාවකට පෙර හෝ ගමන් අතරතුර බර ආහාර, කුළුබඩු සහිත ආහාර හෝ මත්පැන් පානය නොකරන්න
  • 🔆 ආහාර ගැනිමෙදි කුඩා ප්‍රමාන වලින් ගන්න
  • 🔆හදිසි හෝ වේගවත් හිස හැරවිමෙන් වළකින්න, ඔබට හැකි නම්, ඔබේ ආසනය පිටුපස ඔබේ හිස තබා ගන්න හෝ ඔබේ ඇස් වසාගෙන නිදාගන්න.

🔯මෝෂන් සික්නස් (Motion sickness) හේතුව කුමක්ද

  • 🔆වාහනයක වංගු හරහා යාම හෝ බෝට්ටුවක, ගුවන් යානයක හෝ දුම්රියක ඉහළට පහළට ගමන් කිරීම වැනි ගමන් කිරීමේදී නැවත නැවත චලනයන් මෝෂන් සික්නස් (Motion sickness)
  • 🔆අභ්‍යන්තර කන ඔබේ ඇස්වලින් දකින විවිධ සංඥා ඔබේ මොලයට යවයි. මෙම ව්‍යාකූල පණිවිඩ මඟින් ඔබට මෝසන් සික්නස් (Motion sickness) ඇති විය හැකිය.

🙏මෙම රෝගය ඔබට තිබෙනම් ගමන් යාම නවත්වන්න එපා. මේ සදහා බෙහෙත් තියෙනවා, මෙ බෙහෙත් පෙති මුදලින් ඉතාමත් අඩුයි,

📵බෙහෙත්

  • 🌐පෙනගර්න්(promethasine) නම් ඉන්පසුව පැය 12 කට වරක් ගතයුතුයි.
  • 🌐 සිනරසින් (cinaracine) නම් පැය 8 කට වරක් ගත යුතුයි .

👍👍ඔබේ වෛද්ය වරයාගෙන් බෙහෙතේ නම සහ ගත යුතු මාත්‍රාව පිලිබද දැන ගන්න , වැඩි හිටි අයට සහ කුඩා අයට ගතයුතු බෙහෙත් ප්‍රමාණ (මාත්‍රාව)වෙනස් බව සලකන්න .🙏

✅✅ඉහත ක්‍රම සහ අවශ්‍යය නම් බෙහෙත් පාවිච්චි කර නිතර වාහන වල කාලයක් ගමන් කිරීමෙන් මෙම රොගය ඉබේම සුව වේ.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමර, ශික්ෂණ රෝහල, කුලියාපිටිය

Comments

Popular posts from this blog